වෙසක් සතිය නිමිති කරගනිමින් මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලැබූ වෙසක් සුභ පැතුම් පත්‍ර තරගාවලියේ සහතික හා ත්‍යාග ප්‍රධානය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගරයේදී සිදු කරන ලදි.
ගරු සභාපති සමන් රත්නායක මැතිදුන්ගේ හා ගරු ලේකම් නිරෝෂන් මැතිදුන්ගේ උපදෙස් හා මගපෙන්වීම මගින්වීම යටතේ 2026/07/14 වන දින මෙම වැඩ සටහන ඉතා සාර්ථකව සිදු කරන ලදී. ගරු මන්ත්‍රී සංජිව මැතිදුන්ද මෙම අවස්ථාවට සහබාගි විය
කෑගලු වොලිබෝල් සැණකෙළිය – 2026 
අන්තරායක ඖෂධ භාවිතය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන
📅 2026 ජූලි 16 වන දින රඹුක්කන ප්රාදේශීය සභාවේ ඉඹුල්ගස්දෙණිය මහජන පුස්තකාලය විසින් කෑ/ පිටියේගම කනිෂ්ට විද්‍යාලයේ සිසුන් සඳහා අන්තරායක ඖෂධ භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
🎤 මෙම වැඩසටහනේ දේශකවරයා ලෙස රඹුක්කන ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරී අශෝක කරුණාරත්න මහතා සහභාගී වී, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සෞඛ්‍යමය, සමාජීය හා නීතිමය බලපෑම් පිළිබඳ වටිනා දැනුම සිසුන් වෙත ලබා දුන්නේය.
🤝 මෙම අවස්ථාවට රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක මහතා, කෑගල්ල ප්‍රජා පොලිස් ඒකකයේ නිල්මිණි මහත්මිය හා දහනායක මහත්මියද, විෂය භාර නිලධාරිනී පියුමාලි මහත්මිය ද සහභාගී වී වැඩසටහනට සිය සහයෝගය ලබා දුන්හ.
🌱 මත්ද්‍රව්‍යවලින් තොර, සුරක්ෂිත හා යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.
🙏 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දුන් කෑ/ පිටියේගම කනිෂ්ට විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයට මෙන්ම, මෙම වැඩසටහන සඳහා සහභාගී වී සහයෝගය ලබා දුන් සියලු දෙනාට ඉඹුල්ගස්දෙණිය මහජන පුස්තකාලයේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.🌝😘🥳🙏
රඹුක්කන ප්රාදේශීය සභාව මගින් පවත්වනු ලැබූ මහා සව් දන්සල
2026/06/29 දින පොසොන් පොහොය නිමිත්තෙන් රඹුක්කන ප්රාදේශීය සභාව මගින් පවත්වනු ලැබූ මහා සව් දන්සල 🍵🍵ඉතා සාර්ථක ලෙස නිමා විය.
තිරසර සංවර් ධන අභිමථාර් ත 03
සෑම වයසේම සියළු දෙනාටම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සඳහා,
මෙම කාර්ය සදහා නිරන්තරයෙන් උපදේශකත්වය හා මග පෙන්වීම ලබා දෙන රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක මැතිතුමා ඇතුලු ගරු මන්ත්‍රී මණ්ඩලයටත්, ලේකම් තුමන්ටත් ,ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයටත්,දන්සල සදහා ද්‍රව්‍යමය ආධාර හා මුල්‍යමය ආධාර ලබා දුන් සියළුම දෙනාටත් නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමු.🙏🙏
රඹුක්කන නගරයේ CCTV පද්ධතිය ආරම්භ කිරීමේ උත්සවය
#වෙසක්_සතිය_හා_ජාතික_පරිසර_සතිය
#ජාතික_පරිසර දිනය
🪷සම්බුදු තෙමගුල, සැදැහැ සිතින් සමරමු…🪷
🔹රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක, ගරු ලේකම් R.G.S නිරෝෂන් මහත්වරුන්ගේ අනුදැනුම මත ඉඹුල්ගස්දෙණිය මහජන පුස්තකාලයේ 2026 බැති ගී ප්‍රසංගය මහජන පුස්තකාල පාඨක සමාජය සහභාගීත්වයෙන් පසුගියදා ඊයේ (2026-05-31) පැවැත්විණි.
🔺 මෙම අවස්ථාවට රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන්රත්නායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයවීර මැතිතුමා, ප්‍රදේශයේ ප්‍රභූන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි විය..
සහය දැක්වූ, සහභාගි වූ සැමට ස්තුතියි.! 🌺❤️🤗🙏
හාමුදුරුවන් වහන්සේලා 75 නමක් 2026 ජූනි මස පළවෙනි සඳුදා පෙරවරු දහයට රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට අශෝක බෝධිරාජාරාමය දක්වා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරති
මැයි 31 දිනට යෙදෙන ලෝක දුම්වැටි නිවාරන දිනයට සමගාමීව
YAN ශ්රී ලංකා තරුණ ජාලයේ මූලිකත්වයෙන් සහ සංවිධානයෙන් රඹුක්කන නගරයේ වෙළඳසැල් සහ ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් රඹුක්කන ප්රාදේශීය මහ ලේකම් නර්මදා එගොඩගෙදර මැතිනියගේ සහ රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක මැතිතුමාගේ ආශිර්වාදය සහ සහයෝගය ඇතිව 2026 මැයි 26 එනම් අද දින සිදු කරන ලදී. ඒ සදහා රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක මැතිතුමා , ප්රාදේශීය සභා මන්ත්රී ගාමිණී සමරකෝන් මැතිතුමා , නදීරා සුරංගනී මහත්මිය ඇතුළු සංවර්ධන නිළධාරීන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කෑගල්ල දිස්ත්රික් නිලධාරී ධනුෂ්ක මහතා, රඹුක්කන ප්රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මත්ද්ර්වය නිවාරණ නිළධාරීන් ඇතුළු ක්ශේත්ර නිළධාරීන්, සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්ය පරීක්ෂක වරු,රඹුක්කන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා, ප්රජා සම්බන්ධතා නිලධාරී අශෝක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන්ද ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්ය ආයතන වල මාධ්ය වේදීන්ගේද සහභාගිත්වයෙන් සිදු කරන ලදී. එමෙන්ම මේ සදහා YAN Sri Lanka තරුණ ජාලයේ සංවිධායක ෆාහිම් තරුණ නායකයා, කෑගල්ල දිස්ත්රික් අධ්යක්ශ මණ්ඩල නියෝජිත කවිෂ්ක දසනායක වන මා සහ ශිෆා තරුණ නායිකාව කෑගල්ල Media Board Coordinator කාවින්දි තරුණ නායිකාව Strategic Coordinator ඉසුරු මධුසංක,ඇතුළු කෑගල්ල දිස්ත්රික් YAN සාමාජිකයන් පිරිසක් එකතු විය. මෙහිදී ලෝක දුම් වැටි නිවාරන දිනයටත් වෙසක් පොහොයටත් සමගාමීව වෙසක් සතිය තුල සිගරට් අලෙවියෙන් ඉවත් වීමට රඹුක්කන නගරයේ වෙළඳ සැල් හිමියන්ට යෝජනා කිරීමත්,සිගරට් භාවිතය ගැටලුව පිළිබඳවත්, සමාගම් වල කූට උපක්රමයන් පිළිබඳවත් ප්රජාව දැනුවත් කිරීමත් සිදුවිය.මේ සඳහා සහයෝගය ලබා දුන් සැමට ස්තූතිය පුද කරමි.කවිෂ්ක පී දසනායක
අධ්යක්ශ මණ්ඩල නියෝජිතYAN Sri Lankaකෑගල්ල දිස්ත්රික්කය.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් #පුනරුදයේ_පුරවර පළාත් පාලන සතියේ ආරම්භක දිනය වන අද සැප්තැම්බර් 15 දින රඹුක්කන ප්රාදේශීය සභා පරිශ්රයේදී සමාරම්භක උත්සවය සර්ව ආගමික පූජ්ය පක්ෂය මූලික කරගනිමින් කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගරු සමන්ත රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හා රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක මැතිතුමා,ගරු උප සභාපතිතුමා ඇතුළු ප්රාදේශීය සභා මන්ත්රී මණ්ඩලය සහ කැගල්ල පලාත් පාලන සහකාර කොමසාරිස්තුමා,රඹුක්කන ප්රාදේශීය ලේකම්තුමිය, රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිතුමා,රඹුක්කන සමුපකාරයේ සභාපතිතුමා,ප්රදේශිය සභාවේ ලේකම්තුමා ඇතුළු රාජ්ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය…
පළාත් පාලන සතියට සමගාමීව පළමු දින වන සැප්තැම්බර් 15 අද දින ජංගම සේවා වැඩසටහනක් පත්තම්පිටිය උප නගරයේ සිදුවිය……සමන් රත්නායක
පළාත් පාලන සතියට සමගාමීව පළමු දින වන සැප්තැම්බර් 15 අද දින බටහිර වෛද්ය සායනයක් ඉඹුල්ගස්දෙණිය මහජන පුස්තකාල පරිශ්රයේ දී පැවැත්විණි….
පළාත් පාලන සතියට සමගාමීව පළමු දින වන සැප්තැම්බර් 15 අද දින අක්ෂි සායනයක් හා ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් මොළගොඩ මංගලගම තරුණ බෞද්ධ ශාලාවේදී පැවැත්වූනි….