GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව

2026 වර්ෂයට අදාලව වරිපනම් බදු පැනවීම.

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කරන හා කාර්යය කර්තව්‍යය ඉටු කරන රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ලේකම් වන මම රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2024 ඔක්තොම්බර් මස 23 වැනි දින පවත්වන ලද ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සහයවීමේ කමිටු නිර්දේශ අංක 2024/10/23 තීරණ අංක 21 අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 134(1) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2025 වර්ෂයට අදාළ ව වරිපනම් බදු නියම කිරීම පහත සඳහන් ආකාරයට විය යුතු බවට මම තීරණය කරමි. එනම්;

1987 අංක 15 දරන  ප්‍රාදේශීය සභා පනතේ 146 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ රඹුක්කන සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභාව මඟින් දියුණු කල ප්‍රදේශ යැයි ප්‍රකාශයට පත්කර ඇත්තා වූ බල ප්‍රදේශය ඇතුලත පිහිටියා වූ නිවාසවල ගොඩනැගිලිවල ඉඩම්වල ගෙපත්වල වාර්ෂික වටිනාකම සඳහා 2020 වර්ෂය සඳහා වූ තක්සේරුව/සත්‍යෙක්ෂණය මත 2025 වර්ෂයේ වටිනාකම 2026 වර්ෂය සඳහා තක්සේරුව/සත්‍යෙක්ෂණය ලෙස සම්මත කළ යුතු බවටත්, එකී තක්සේරුව මත යථෝක්ත පනතේ 134(1) වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 01 වැනි උප ලේඛනයෙහි පිහිටි දේපළෙහි වාර්ෂික වටිනාකමින් සියයට හයක (6%) සහ 02 වැනි උප ලේඛනයෙහි පිහිටි දේපළෙහි වාර්ෂික වටිනාකමින් සියයට පහක (5%) ක වාර්ෂික වරිපනම් බද්දක් නියම විය යුතු බවටත්,

තව ද 2026 වර්ෂයෙහි 03 වැනි උප ලේඛනයෙහි සඳහන් එක් එක් කාර්තුව වෙනුවෙන් ඉදිරියෙන් නිරුපිත දිනයට පෙර එසේ නියම කරන ලද වාර්ෂික වරිපනම් බද්ද ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවිය යුතු බවටත්, එලෙස වාර්ෂික වරිපනම් බද්ද 2026 වර්ෂයෙහි ජනවාරි මස 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම් වාර්ෂික වරිපනම් බද්දේ ප්‍රමාණයෙන් සියයට දහයක (10%) ක වට්ටමක් ද, එකී උප ලේඛනයෙහි එක් එක් කාර්තුව ඉදිරියේ තුන්වැනි තීරුවේ නිරුපිත දිනයට පෙර අදාළ වරිපනම් බදු මුදල ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවනු ලබන්නේ නම් එක කාර්තුවට අදාළ මුදලින් 5% ක වට්ටමක් ද ගෙවනු ලැබේ.

රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2025 සැප්තැම්බර් මස 02 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක ඊ.1.XVI යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

කොට්ඨාශයවරිපනම් අංකයබදු ප්‍රතිශතය
කොට්ඨාශ අංක 01
කුරුණෑගල පාර වම101/24-1896%
හුරීමළුව පාර වම3-1096%
හුරීමළුව පාර දකුණ4-102/526%
මැදගොඩැල්ල පාර දකුණ1-106%
මැදගොඩැල්ල පාර වම16%
මොහිදීන් මාවත වම1-23/A6%
මොහිදීන් මාවත දකුණ4-56 A6%
කොට්ඨාශ අංක 02
බෝධිරාජ මාවත වම7-396%
බෝධිරාජ මාවත දකුණ6-486%
ධර්මපාල මාවත වම1-356%
ධර්මපාල මාවත දකුණ2-366%
තෝමස් සිල්වා මාවත වම3-3/2/16%
තෝමස් සිල්වා මාවත දකුණ2-146%
කරඩුපන පාර දකුණ30/30-1106%
කුරුණෑගල පාර වම1-101/ A6%
කුරුණෑගල පාර දකුණ80-2486%
සේනානායක මාවත වම1-53/406%
සේනානායක මාවත දකුණ2-50/26%
දුම්රියපල පාර වම25-25/246%
දුම්රියපල පාර දකුණ8-58/ A6%
කොට්ඨාශ අංක 03
රෝහල පාර වම1-35/ A6%
කුරුණෑගල පාර දකුණ2-78/ A6%
කරඩුපන පාර දකුණ2-326%
මාවනැල්ල පාර වම1-816%
කොට්ඨාශ අංක 04
මිහිදු මාවත වම5-696%
මිහිදු මාවත දකුණ2-746%
රෝහල පාර වම33-1036%
රෝහල පාර දකුණ72-926%
ගැමුණු මාවත වම1-356%
ගැමුණු මාවත දකුණ4-606%
කුරුණෑගල පාර දකුණ244-2666%
කොට්ඨාශ අංක 05
රෝහල පාර6-766%
මාවනැල්ල පාර85-179/406%
රාජසිංහ මාවත වම7-356%
කොට්ඨාශ අංක 06
අශෝක මාවත වම1-236%
බණ්ඩාරනායක මාවත වම7-296%
මාවනැල්ල පාර වම185-2576%
මාවනැල්ල පාර දකුණ100-1526%
කොතලාවල පාර වම7-556%
කොතලාවල පාර දකුණ8-546%
රාජසිංහ මාවත දකුණ8-626%
දහනායක මාවත වම3-236%
දහනායක මාවත දකුණ4-326%
කොට්ඨාශ අංක 07
කරඩුපන පාර වම3-153/ A6%
කීර්තිරත්න මාවත වම5-31/46%
කීර්තිරත්න මාවත දකුණ6-786%
කන්දහේන පාර වම3-21/106%
කන්දහේන පාර දකුණ6-366%
කළුගල්ල මාවත වම3-356%
කළුගල්ල මාවත දකුණ2-226%
මාවනැල්ල පාර දකුණ74/1-96/116%
මහඔය පාර වම3-696%
මහඔය පාර දකුණ2-606%
මිලී මාවත වම3-396%
මිලී මාවත දකුණ8-246%
කොට්ඨාශයවරිපනම් අංකයබදු ප්‍රතිශතය
කොට්ඨාශ අංක 08 ( පින්නවල දියුණු කල ප්‍රදේශය )
රඹුක්කන පාර වම409-871/15%
රඹුක්කන පාර දකුණ362-872/25%
නුවර පාර වම41-665/ A/15%
නුවර පාර දකුණ1030/15%
පොල්ගහවෙල පාර වම3-255%
කොට්ඨාශ අංක 09 ( වාකිරිගල දියුණු කල ප්‍රදේශය )
රඹුක්කන පාර වම5-3855%
රඹුක්කන පාර දකුණ6-438/ A5%
කොට්ඨාශ අංක 10 ( පදවිගම්පල දියුණු කල ප්‍රදේශය )
රඹුක්කන පාර වම1-215%
රඹුක්කන පාර දකුණ2-245%
කුරුණෑගල පාර වම7-215%
කුරුණෑගල පාර දකුණ2-265%
පොතුහැර පාර වම1-55/2/15%
පොතුහැර පාර දකුණ2-585%
කහඹිලියාගොඩ පාර වම5-5/15%
කොට්ඨාශ අංක 11 ( ගම්දොලහ පත්තුව )
පොල්ගහවෙල පාර වම195-255/ A5%
පොල්ගහවෙල පාර දකුණ144/3-2245%
කාර්තුවගෙවිය යුතු දිනය5% වට්ටම සඳහා හිමිකම් ලබන අවසාන දිනය
පළමු කාර්තුවජනවාරි 01 සිට මාර්තු 31 දක්වාජනවාරි 31
දෙවන කාර්තුවඅප්‍රේල් 01 සිට ජූනි 30 දක්වාඅප්‍රේල් 30
තෙවන කාර්තුවජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වාජූලි 31
හතරවන කාර්තුවඔක්තොම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වාඔක්තොම්බර් 31