GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව

2026 වර්ෂයට අදාලව බලපත්‍ර ගාස්තු පැනවීම.

රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2024 ඔක්තොම්බර් මස 23 වැනි දින පවත්වන ලද ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සහයවීමේ කමිටු නිර්දේශ අංක 2024/10/23 තීරණ අංක 21 අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 147 වැනි වගන්තිය හා 149 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2025 වර්ෂයට අදාළ ව බලපත්‍ර ගාස්තු නියම කිරීම පහත සඳහන් ආකාරයට විය යුතු බවට මම තීරණය කරමි. එනම්;

රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2025 ඔක්තොම්බර් මස 08 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක ඊ.01.VII යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථාවක් යටතේ රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2026 වර්ෂය තුළදී නිකුත් කරනු ලබන බලපත්‍ර සම්බන්ධයෙන් 1987 අංක 15 දරන  ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය හා 149 වන වගන්තිය පහත උප ලේඛනයෙහි  Iවන තීරුවේ නිරූපිත යම් කාර්යයක් සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක් හෝ පරිශ්‍රයක් පාවිච්චි කිරීමට බලය දෙමින් 2026 වර්ෂයේ නිකුත් කරනු ලබන යම් බලපත්‍රයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයෙහි II තීරුවේ අනුරූප සටහනේ නිරූපිත බලපත්‍ර ගාස්තුවක් 2026 වර්ෂය සඳහා පනවා අය කිරීමට රඹුක්කන ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.

බලපත්‍රය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය පත්‍රය

උප ලේඛනය

I වන තීරුවIIවන තීරුව
කර්මාන්තයපරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම
රු.750/-නො ඉක්මවන අවස්ථාවරු.750/- ඉක්මවන එහෙත් රු.1500/- නො ඉක්මවන අවස්ථාවරු.1500/- ඉක්මවන අවස්ථාව
1.අන්තරාදායක හා අප්‍රසන්න ව්‍යාපාර500.00750.001000.00
2.ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම හා ඝාතනය සඳහා රදවා තබා ගැනීම500.00750.001000.00
3.ආහාර සැපයුම් ස්ථාන500.00750.001000.00
4.උත්සව ශාලා500.00750.001000.00
5.එළවළු හෝ පළතුරු විකිණීම500.00750.001000.00
6.ආහාර විකිණීම500.00750.001000.00
7.මස් විකිණිම500.00750.001000.00
8.රූපලාවන්‍ය මධ්‍යස්ථාන500.00750.001000.00
9.ලැගුම්හල් සහ නවාතැන්පලවල්500.00750.001000.00
10.සංචාරක වෙළදාම500.00750.001000.00
11.සිල්ලර වෙළදසැල්500.00750.001000.00
12.හෝටල්500.00750.001000.00
13.ග්‍රැමෆෝන්, ශබ්ද වාහිනී යන්ත්‍ර යනාදිය ක්‍රියා කරවීම.500.00750.001000.00
14.ආපනශාලා සහ තේ හෝ කෝපි කඩ500.00750.001000.00
15.බේකරි500.00750.001000.00
16.කිරිපට්ටි සහ කිරි වෙළදාම500.00750.001000.00
17.අයිස් කර්මාන්තශාලා500.00750.001000.00
18.සිසිල් බීම කර්මාන්තශාලා
19.ලොන්ඩරි500.00750.001000.00
20.ගව ගාල්500.00750.001000.00
21.ඝාතක මඩු500.00750.001000.00
22.පොදු වෙළඳපොලවල්500.00750.001000.00
23.කොණ්ඩා සැකසීමේ සැලුන්හල් හා බාබර් සාප්පු500.00750.001000.00
24.ප්‍රචාරක දැන්වීම්/දෘෂ්‍ය පරිසරය500.00750.001000.00
25.වාහන සහ සතුන්500.00750.001000.00