GOVPAY මගින් ගෙවන්න
අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව
2026 වර්ෂයට අදාලව කර්මාන්ත බදු පැනවීම.
රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කරන, හා කාර්යය කර්තව්‍යය ඉටු කරන රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ලේකම් වන මම රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2024 ඔක්තොම්බර් මස 23 වැනි දින පවත්වන ලද ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සහයවීමේ කමිටු නිර්දේශ අංක 2024/10/23 තීරණ අංක 21 අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 150(1) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2025 වර්ෂයට අදාළ ව කර්මාන්ත බදු නියම කිරීම පහත සඳහන් ආකාරයට විය යුතු බවට මම තීරණය කරමි. එනම්;
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු 150 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර රඹුක්කන ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළත යම් පරිශ්රයක පවත්වා ගෙන යනු ලබන මෙහි පහත උප ලේඛනයෙහි I වන තීරුවේ නිරූපිත සෑම කර්මාන්තයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයෙහි IIතීරුවේ අනුරූප සටහනේ නිරූපිත ප්‍රමාණයක කර්මාන්ත බද්දක් 2025 වර්ෂය සඳහා නියම විය යුතු බවට මම තීරණය කරමි.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු 150 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර රඹුක්කන ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළත යම් පරිශ්රයක පවත්වා ගෙන යනු ලබන මෙහි පහත උප ලේඛනයෙහි I වන තීරුවේ නිරූපිත සෑම කර්මාන්තයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයෙහි IIතීරුවේ අනුරූප සටහනේ නිරූපිත ප්‍රමාණයක කර්මාන්ත බද්දක් 2025 වර්ෂය සඳහා නියම විය යුතු බවට මම තීරණය කරමි.
රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2025 ඔක්තොම්බර් මස 08 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක ඊ.01.VII යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 150 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට ලැබී ඇති බලතල ප්‍රකාර රඹුක්කන ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළත යම් පරිශ්රයක පවත්වා ගෙන යනු ලබන මෙහි පහත උප ලේඛනයෙහි I වන තීරුවේ නිරූපිත සෑම කර්මාන්තයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයෙහි II තීරුවේ අනුරූප සටහනේ නිරූපිත ප්‍රමාණයක කර්මාන්ත බද්දක් 2026 වර්ෂය සඳහා පනවා අය කිරීමට රඹුක්කන ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.
උප ලේඛනය
| I වන තීරුව | II වන තීරුව | ||
|---|---|---|---|
| කර්මාන්තය | පරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම | ||
| රු.750/-නො ඉක්මවන අවස්ථාව | රු.750/- ඉක්මවන එහෙත් රු.1500/- නො ඉක්මවන අවස්ථාව | රු.1500/- ඉක්මවන අවස්ථාව | |
| 1.ඉදල් නිෂ්පාදනය | 500.00 | 750.00 | 1000.00 |
| 2. ලී කැටයම් කිරීම | 500.00 | 750.00 | 1000.00 |
| 3. කුෂන් වැඩ කිරීම | 500.00 | 750.00 | 1000.00 |
| 4. හදුන්කූරු නිෂ්පාදනය | 500.00 | 750.00 | 1000.00 |
| 5. පොල් ලී වලින් නිෂ්පාදන කටයුතු | 500.00 | 750.00 | 1000.00 |
| 6. අභ්‍යාස පොත් නිෂ්පාදනය | 500.00 | 750.00 | 1000.00 |
| 7. ආභරණ රන් ආලේපනය කිරීම | 500.00 | 750.00 | 1000.00 |
