GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න

ප්‍රචාරක දැන්වීම්, දෘෂ්‍ය පරිසරය පිළිබඳ ගාස්තු අයකිරීම

1987 අංක 15 දරණ  ප්‍රාදේශීය සභා පනතේ අංක 122 (I) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව 1988.08.23 වැනි දින අංක 520/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් ගරු ඇමතිතුමා විසින් අනුමත කොට ප්‍රකාශයට පත්කොට ඇති සම්මත අතුරු ව්‍යවස්ථාවේ 39 වැනි කොටසේ විධිවිධාන පිළිගැනීමටත්, එපරිදි රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ යම් වීදියකට, පාරකට, ඇලකට හෝ ඉහළින් පෙනෙන පරිදි දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම් වෙනුවෙන් පහත උප ලේඛනයේ සඳහන් ගාස්තුවක් 2025 වර්ෂය සඳහා අයකිරීම සඳහා 1987 අංක 15 දරණ  ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

 

වැඩි විස්තර සදහා අමතන්න
0352 265 275