GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව

2025 වර්ෂයට අදාලව විනෝද බදු පැනවීම.

1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ දෙවන වගන්තියේ වන උප වගන්තියේ විධිවිධාන ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වනු ලබන සංදර්ශනයක්, ප්‍රදර්ශනයක්, සෑම චිත්‍රපට දර්ශනයක්, ආදර්ශ චිත්‍රපට දර්ශනයක්, සර්කස් සංදර්ශනයක් හා සෑම සංගීත සංදර්ශනයක් සඳහා නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර වටිනාකමින් 10% ක විනෝද බද්දක් 2025 වර්ෂය සඳහා පනවා අයකිරීමට 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

 

  • රඔුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වනු ලබන සංදර්ශන, ප්‍රසංග මගින් අලෙවි කරනු ලබන මුළු ප්‍රවේශ පත්‍ර හා සංදර්ශන ටිකට් පත්වල මුළු වටිනාකමින් 10% ක විනෝද බදු මුදලක් රඔුක්කන ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුය.
  • විනෝද ප්‍රසංගය පැවැත්වීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දින 7කට පෙර ලබා ගත යුතුය.
  • විනෝද සැනකෙළිය පැවැත්වීමට පෙර වැඩ කරන දිනයක කාර්යාල වේලාව තුළ අලෙවිකරණ සියලු ටිකට්පත් ප්‍රාදේශීය සභාවේ නිල මුද්‍රාව තබා අනුමත කළ යුතුය.
  • මීට අමතරව එම මුද්‍රා තබන ටිකට්පත්වල මුහුණත වටිනාකමින් 10%ක් ඇප තැන්පතු වශයෙන් ප්‍රාදේශීය සභාවේ තැන්පත් කළ යුතුය.

Indoor dramas

Musical shows

Carnivals

 

Festivals