GOVPAY මගින් ගෙවන්න
2026 වර්ෂයට අදාලව බලපත්‍ර ගාස්තු පැනවීම.
රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2025 ඔක්තොම්බර් මස 08 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක ඊ.01.VII යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.
රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් පිළිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථාවක් යටතේ රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2026 වර්ෂය තුළදී නිකුත් කරනු ලබන බලපත්‍ර සම්බන්ධයෙන් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය හා 149 වන වගන්තිය පහත උප ලේඛනයෙහි Iවන තීරුවේ නිරූපිත යම් කාර්යයක් සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක් හෝ පරිශ්‍රයක් පාවිච්චි කිරීමට බලය දෙමින් 2026 වර්ෂයේ නිකුත් කරනු ලබන යම් බලපත්‍රයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයෙහි II තීරුවේ අනුරූප සටහනේ නිරූපිත බලපත්‍ර ගාස්තුවක් 2026 වර්ෂය සඳහා පනවා අය කිරීමට රඹුක්කන ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.
බලපත්‍රය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය පත්‍රය
උප ලේඛනය
| I වන තීරුව | IIවන තීරුව | ||
|---|---|---|---|
| කර්මාන්තය | පරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම | ||
| රු.750/-නො ඉක්මවන අවස්ථාව | රු.750/- ඉක්මවන එහෙත් රු.1500/- නො ඉක්මවන අවස්ථාව | රු.1500/- ඉක්මවන අවස්ථාව | |
| 1.අන්තරාදායක හා අප්‍රසන්න ව්‍යාපාර | 500.00 | 750.00 | 1000.00 |
| 2.ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම හා ඝාතනය සඳහා රදවා තබා ගැනීම | 500.00 | 750.00 | 1000.00 |
| 3.ආහාර සැපයුම් ස්ථාන | 500.00 | 750.00 | 1000.00 |
| 4.උත්සව ශාලා | 500.00 | 750.00 | 1000.00 |
| 5.එළවළු හෝ පළතුරු විකිණීම | 500.00 | 750.00 | 1000.00 |
| 6.ආහාර විකිණීම | 500.00 | 750.00 | 1000.00 |
| 7.මස් විකිණිම | 500.00 | 750.00 | 1000.00 |
| 8.රූපලාවන්‍ය මධ්‍යස්ථාන | 500.00 | 750.00 | 1000.00 |
| 9.ලැගුම්හල් සහ නවාතැන්පලවල් | 500.00 | 750.00 | 1000.00 |
| 10.සංචාරක වෙළදාම | 500.00 | 750.00 | 1000.00 |
| 11.සිල්ලර වෙළදසැල් | 500.00 | 750.00 | 1000.00 |
| 12.හෝටල් | 500.00 | 750.00 | 1000.00 |
| 13.ග්‍රැමෆෝන්, ශබ්ද වාහිනී යන්ත්‍ර යනාදිය ක්‍රියා කරවීම. | 500.00 | 750.00 | 1000.00 |
| 14.ආපනශාලා සහ තේ හෝ කෝපි කඩ | 500.00 | 750.00 | 1000.00 |
| 15.බේකරි | 500.00 | 750.00 | 1000.00 |
| 16.කිරිපට්ටි සහ කිරි වෙළදාම | 500.00 | 750.00 | 1000.00 |
| 17.අයිස් කර්මාන්තශාලා | 500.00 | 750.00 | 1000.00 |
| 18.සිසිල් බීම කර්මාන්තශාලා | |||
| 19.ලොන්ඩරි | 500.00 | 750.00 | 1000.00 |
| 20.ගව ගාල් | 500.00 | 750.00 | 1000.00 |
| 21.ඝාතක මඩු | 500.00 | 750.00 | 1000.00 |
| 22.පොදු වෙළඳපොලවල් | 500.00 | 750.00 | 1000.00 |
| 23.කොණ්ඩා සැකසීමේ සැලුන්හල් හා බාබර් සාප්පු | 500.00 | 750.00 | 1000.00 |
| 24.ප්‍රචාරක දැන්වීම්/දෘෂ්‍ය පරිසරය | 500.00 | 750.00 | 1000.00 |
| 25.වාහන සහ සතුන් | 500.00 | 750.00 | 1000.00 |