GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව

2026 වර්ෂයට අදාලව ව්‍යාපාර බදු පැනවීම.

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කරන, හා කාර්යය කර්තව්‍යය ඉටු කරන රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ලේකම් වන මම රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2024 ඔක්තොම්බර් මස 23 වැනි දින පවත්වන ලද ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සහයවීමේ කමිටු නිර්දේශ අංක 2024/10/23 තීරණ අංක 21 අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 152(1) උප වගන්තියෙහි විධිවිධාන ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2025 වර්ෂයට අදාළ ව ව්‍යාපාර බදු නියම කිරීම පහත සඳහන් ආකාරයට විය යුතු බවට මම තීරණය කරමි. එනම්;

රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2025 ඔක්තොම්බර් මස 08 වැනි දින පවත්වන ලද මහ සභා රැස්වීමේදී තීරණ අංක ඊ.01.VII යටතේ පහත දැක්වෙන යෝජනාව සභා සම්මත කරන ලද බව මහජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

1987 අංක 15 දරන  ප්‍රාදේශීය සභා පනතේ 152 වන උප වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාර එකී පනතේ හෝ ඒ යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීම හෝ එම පනතේ 150 වන වගන්තිය යටතේ යම් බද්දක් ගෙවීම අවශ්‍ය නොවන්නාවූ යම් ව්‍යාපාරයක් එම පනතේ 152 වන වගන්තිය යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත 2026 වර්ෂයේ දී පවත්වා ගෙන යන සෑම තැනැත්තෙකුගෙන් ම එම ව්‍යාපාරයේ 2026 වර්ෂයේ ආදායම මෙහි පහත උප ලේඛනයෙහි I වන තීරුවේ නිරූපිත යම් විෂයාංක සීමාවන් ඇතුළත පවතින අවස්ථාවක එකී II  තීරුවේ අනුරූප සටහනේ නිරූපිත අනු ප්‍රමාණයක ව්‍යාපාර බද්දක් 2026 වර්ෂය සඳහා පනවා අය කිරීමට රඹුක්කන ප්‍රාදේශීය සභාව යෝජනා කරන්නීය.

I වන තීරුවII වන තීරුව
2026 වර්ෂයේ දී ව්‍යාපාරයේ ආදායරු. ශත
රු.6000 නො ඉක්මවන අවස්ථාවකකිසිවක් නොමැත
රු.6000 ඉක්මවන එහෙත් රු.12000 නො ඉක්මවන අවස්ථාවකරු.90.00
රු.12000 ඉක්මවන නමුත් රු.18750 නො ඉක්මවන විටරු.180.00
රු.18750 ඉක්මවන නමුත් රු.75000 නො ඉක්මවන විටරු.360.00
රු.75000 ඉක්මවන නමුත් රු.150000 නො ඉක්මවන විටරු.1200.00
රු.150000 ඉක්මවන විටරු.3000.00