GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
2025 වර්ෂයට අදාලව ප්‍රජාශාලා ගාස්තු හා පුටු වෙන්කිරීම.

ශ්‍රවණාගාර වෙන් කිරීම

රඹුක්කන ප්‍රාදේශීය සභාව සතු ප්‍රජාශාලාවේ ශාලා ගාස්තු හා පුටු, ක්‍රීඩාපිටි වෙන්කිරීම මෙහි පහත දැක්වෙන උපලේඛන අංක 1,2,3 හා 4 හි සඳහන් ගාස්තු ප්‍රමාණයන් 2025 වර්ෂය වෙනුවෙන් පනවා අයකිරීම සඳහා 1987 අංක 15 දරණ  ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

වැඩි විස්තර සදහා අමතන්න

  • 0352 265 275

උප ලේඛනය 1

රඹුක්කන ප්‍රාදේශීය සභා ප්‍රජාශාලාවේ පුටු බාහිර පාවිච්චිය සඳහා වෙන් කිරීමදිනකටආරක්ෂිත ඇප
රු.ශතරු.ශත
යකඩ පුටුවක් සඳහා අය කිරීම5.005.00
කුෂන් පුටුවක් සඳහා අය කිරීම10.007.50
ප්ලාස්ටික් පුටුවක් සඳහා අය කිරීම10.007.50
ප්ලාස්ටික් ප්‍රභූ පුටුවක් සඳහා අය කිරීම15.0010.00
ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයට පුටු පරිහරණය සඳහා නිකුත් කිරීමේදී10.00
යකඩ පුටුවක් සඳහා අය කිරීම3.00
කුෂන් පුටුවක් සඳහා අය කිරීම5.00
ප්ලාස්ටික් පුටුවක් සඳහා අය කිරීම5.00
ප්ලාස්ටික් ප්‍රභූ පුටුවක් සඳහා අය කිරීම7.50

උප ලේඛනය 2

රඹුක්කන ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රීඩාපිටි සහ භූමිය එක් දිනක් සඳහා වෙන්කිරීම වෙනුවෙන් ගාස්තු අයකිරීමදිනකටආරක්ෂිත ඇප
රු. ශතරු. ශත
රඹුක්කන අශෝක මහජන ක්‍රීඩාංගනය සඳහා3500.001000.00
බතඹුරය මහීපාල හේරත් මහජන ක්‍රීඩාංගනය සඳහා3500.001000.00
පාසැල් ළමුන් සඳහා2000.00
සැණකෙළියක් සහ සංගීත ප්‍රසංගයක් සඳහා7000.002000.00
හෙලිකොප්ටරයක් නවතා තැබීම5000.00
මල් පැළ වෙළදාම සඳහා2000.001000.00
වෙනත්1000.00