GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න

රඹුක්කන ප්‍රාදේශීය සභාව සතු පහත උප ලේඛනයේ පළමු කොටසේ සඳහන් යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබාදීමේ දී සහ එම උප ලේඛනයේ දෙවන කොටසේ සඳහන් භාණ්ඩ, පෝරම හා සේවා ලබාදීමේ දී එම උප ලේඛනයේ I වන තීරුවේ සඳහන් යන්ත්‍රය, සේවාව, භාණ්ඩය සඳහා එම උප ලේඛනයේ II වන තීරුවේ සඳහන් ගාස්තු ප්‍රමාණයන් 2025 වර්ෂය වෙනුවෙන් පනවා අයකිරීම සඳහා 1987 අංක 15 දරණ  ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.

යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබාදීම

පළමු කොටස
1. බැකෝ ලෝඩරය සඳහා අවම පැය හතරක ගාස්තුව( සභා අරමුදල්)රු. 8000.00
වැඩිවන පැයක ගාස්තුවරු. 2000.00
අවම පැය හතරකට ගාස්තුව (පෞද්ගලික)රු. 22300.00
වැඩිවන පැයක ගාස්තුවරු. 6100.00
2. බොබ්කැට් යන්ත්‍රය සඳහා පැය තුනක ගාස්තුවරු. 18000.00
වැඩිවන පැයක ගාස්තුවරු. 6000.00
3. කුඩා ලෙලන තලනය සඳහා දිනකට ගාස්තුවරු. 5000.00
4. කුඩා මාර්ග තලනය සඳහා දිනකට ගාස්තුවරු. 7000.00
5. තණකොළ කපන යන්ත්‍රය සඳහා පැයක ගාස්තුවරු. 2000.00
6. ගලි බවුසරය සේවයේ යෙදවීම සඳහා
බවුසර් එකක් ඉවතට ගැනීම සඳහා ගාස්තුව ( බල ප්‍රදේශය තුළ)රු. 5500.00
ගලි බවුසරය සඳහා ගාස්තුව ( බල ප්‍රදේශයෙන් පිට)රු. 10000.00
බැහැරලීමට වලක් සභාව විසින් සපයා ගැනීමේ ගාස්තුවරු. 1000.00
ධාවන ගාස්තුව කිලෝ මීටර් එකක් සඳහාරු. 100.00
7. ජල බවුසරය සඳහා ගාස්තුව ( බල ප්‍රදේශය තුළ)රු. 5500.00
( බල ප්‍රදේශයෙන් පිට)රු. 10000.00
ධාවන ගාස්තුව කිලෝ මීටර් එකක් සඳහාරු. 100.00
8. මෝටර් ග්‍රේඩරය පැය හයකට අඩු ඕනෑම කාලයක් සඳහාරු. 45000.00
මීටර් පැය හය ඉක්මවන කාලයක් සඳහා පැයක ගාස්තුවරු. 7500.00
9. කියුබ් 2 1/2 ටිපර් රථය සඳහා දිනකට ගාස්තුවරු. 15000.00
10. රෙදි හට් එකක් සඳහා දිනකට ගාස්තුවරු. 500.00
11. තාවකාලික ගෝඝාතක ගාස්තුවරු. 750.00
12. කොම්පොස්ට් පොහොර කිලෝග්‍රෑම් 1 ක් සඳහාරු. 20.00
කිලෝග්‍රෑම් 5 ක් සඳහාරු. 100.00
කිලෝග්‍රෑම් 10 ක් සඳහාරු. 200.00
කිලෝග්‍රෑම් 25 ක් සඳහාරු. 500.00
ටොන් 1 කට වැඩිනම් කිලෝග්‍රෑම් 1 ක් සඳහාරු. 15.00
13. ලේඛන සෙවීමේ ගාස්තුව (එක් වර්ෂයක් සඳහා)රු. 100.00
14. දේපළ සංශෝධන ගාස්තුව
පෝරම ගාස්තුවරු. 200.00
පෙරසැරි ගාස්තුවරු. 300.00
15. පරිසර බලපත්‍ර අයදුම්පත් ගාස්තුවරු. 100.00
පරිසර බලපත්‍ර අලුත්කිරීමේ අයදුම්පත් ගාස්තුවරු. 20.00
පරිසර බලපත්‍ර අලුත්කිරීමේ අයදුම්පත් ගාස්තුවරු. 20.00
මෙම ගාස්තු වලට අමතරව රජය විසින් පනවන ලද බදු අයකරනු ලැබේ.

යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබාදීම

දෙවන කොටස
මෘතදේහ ආදාහනය, මිහිදන් කිරීම හා තැම්පත් කිරීම සඳහා ගාස්තු අයකිරීම.
1. බල ප්‍රදේශය තුළ එක් ආදාහනයක් කිරීම සඳහා ගාස්තුවරු. 10000.00
2. බල ප්‍රදේශයෙන් පිටත එක් ආදාහනයක් කිරීම සඳහා ගාස්තුවරු. 15000.00
3. සුසාන භූමියේ මිහිදන් ගාස්තුවරු. 300.00
4. සුසාන භූමි මෘතදේහ තැම්පත් කිරීම ( එක් වසරක් සඳහා පමණක් ගාස්තුව)
විජයමන්නාහේන සුසාන භූමියරු. 25000.00
අනෙකුත් සුසාන භූමිරු. 15000.00
මෙම ගාස්තු වලට අමතරව රජය විසින් පනවන ලද බදු අයකරනු ලැබේ.