GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
2025 වර්ෂයට අදාලව ඉඩම් විකිණීම මත බදු පැනවීම.

රඹුක්කන ප්‍රාදේශීය සභාව

කෑගල්ල දිස්ත්‍රීක්කයේ රඹුක්කන ප්‍රාදේශීය සභා සීමාව ඇතුළත වූ යම් ඉඩමක් වෙන්දේසිකරුවෙකු හෝ තැරැව්කරුවෙකු හෝ ඔහුගේ සේවකයා අනුයෝජකයා විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ අන්‍යාකාරයකින් විකුණනු ලබන අවස්ථාවක ඒ ඉඩම් විකිණීමෙන් ලත් මුදලින් සියයට එකකට (1%) සමාන බද්දක් විකුණුම්කරු හෝ වෙන්දේසිකරු හෝ තැරැව්කරු හෝ ඔහුගේ සේවකයා හෝ අනුයෝජකයා විසින් රඹුක්කන ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු බවට 1987 අංක 15 දරණ  ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු 154(I) වගනතිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.