පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් #පුනරුදයේ_පුරවර පළාත් පාලන සතියේ ආරම්භක දිනය වන අද සැප්තැම්බර් 15 දින රඹුක්කන ප්රාදේශීය සභා පරිශ්රයේදී සමාරම්භක උත්සවය සර්ව ආගමික පූජ්ය පක්ෂය මූලික කරගනිමින් කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගරු සමන්ත රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හා රඹුක්කන ප්රාදේශීය සභාවේ ගරු සභාපති සමන් රත්නායක මැතිතුමා,ගරු උප සභාපතිතුමා ඇතුළු ප්රාදේශීය සභා මන්ත්රී මණ්ඩලය සහ කැගල්ල පලාත් පාලන සහකාර කොමසාරිස්තුමා,රඹුක්කන ප්රාදේශීය ලේකම්තුමිය, රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිතුමා,රඹුක්කන සමුපකාරයේ සභාපතිතුමා,ප්රදේශිය සභාවේ ලේකම්තුමා ඇතුළු රාජ්ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය…
පළාත් පාලන සතියට සමගාමීව පළමු දින වන සැප්තැම්බර් 15 අද දින ජංගම සේවා වැඩසටහනක් පත්තම්පිටිය උප නගරයේ සිදුවිය……
සමන් රත්නායක
පළාත් පාලන සතියට සමගාමීව පළමු දින වන සැප්තැම්බර් 15 අද දින බටහිර වෛද්ය සායනයක් ඉඹුල්ගස්දෙණිය මහජන පුස්තකාල පරිශ්රයේ දී පැවැත්විණි….
පළාත් පාලන සතියට සමගාමීව පළමු දින වන සැප්තැම්බර් 15 අද දින අක්ෂි සායනයක් හා ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් මොළගොඩ මංගලගම තරුණ බෞද්ධ ශාලාවේදී පැවැත්වූනි….