GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න

දේපල හා ඵලදාව බදු දීම

මෙම සභාව සතු පොදු වෙළඳපොල තුල පිහිටි ගව මස් කඩ,කුකුළු මස් කඩ, මාළු කඩ,එළු මස් කඩ,ටෙන්ඩර්කර බදු දීම මෙම සභාව සතු පොදු වැසිකිලි,කෙසෙල්කැන් වෙළඳපල,සතිපොල,වාහන නැවතුම්පල,ගොඩනැගිලි,ඵලදා ටෙන්ඩර් කර බදු දීම.
  1. නැවතුම්පල,ගොඩනැගිලි,ඵලදා  ටෙන්ඩර් කර බදු දීම.
  2. ටෙන්ඩර් කරන දේපල ඇතුළත් ප්‍රසම්පාදන දැන්වීම සැකසීම හා ප්‍රසිද්ධ කිරීම.
  3. ජාතික පුවත්පත්වල දැන්වීම පලකිරීම.
  4. ඉල්ලුම්කරු වෙත ප්‍රසම්පාදන ඉල්ලුම් පත්‍රයක් ලබා දීම හා ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක් ලබා ගැනීම.
  5. ප්‍රසම්පාදන පෝරම ගාස්තුව,ප්‍රසම්පාදන ඇප තැන්පත් මුදල ලෙස බිල්පත් දෙකක් නිකුත් කිරීම.
  6. දේපල බදු දීම සඳහා වූ ප්‍රසම්පාදන පත්‍රිකාවක් මුල් පිටපත හා අනු පිටපත වශයෙන් සම්පූර්ණකර ඉල්ලුම්කරු වෙත ලබා දීම.
  7. ප්‍රසම්පාදන පත්‍ර නිකුත් කිරීමේ ලේඛණයේ සටහන් කිරීම.
  8. මුල් පිටපත/අනු පිටපත ,ප්‍රසම්පාදන ලේඛණය ලේකම්තුමාගේ අත්සනට යොමු කිරීම.
  9. ඉල්ලුම්කරු වෙත මුල් පිටපත/අනු පිටපත හා ප්‍රසම්පාදන පොදු කොන්දේසි මාලාව සහිත පත්‍රිකාවක් ලබා දීම.
  10. ටෙන්ඩර් විවෘත කරන දිනයට ටෙන්ඩර් මණ්ඩලය රැස් කිරීම.
  11. ටෙන්ඩර් මණ්ඩලය තීරණයකල වැඩිම ලංසු මුදලක් ඉදිරිපත්කල ටෙන්ඩර්කරු වෙත ටෙන්ඩරය පිරිනැමිම.
  12. බදුකරු සමඟ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම.
  13. ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝණය කලහොත් ගිවිසුම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීම.

ඒ අනුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත,චක්‍රලේඛ අංක ප.පා.කො.01/2023 හා පහත සඳහන් කොන්දේසිවලට  බදුකරු විසින් යටත් විය යුතුය.

  1. ප්‍රසම්පාදනකරු ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.අවු.18 ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ප්‍රසම්පාදන පත්‍ර ඉදිරිපත් කළ හැක.ප්‍රසම්පාදනපත් ලබා ගැනීමට ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ යුතුය.ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  2. ප්‍රාදේශීය සභාව නිකුත් කරන ලංසු පෝරම පමණක් වලංගුවන අතර මුල් පිටපත හා අනු පිටපත ලෙස පිටපත් දෙකකින් සැකසිය යුතු අතර ඒවා වෙන් වෙන්ව ලිපි කවරවල බහා ලිපි කවරයේ මුහුණතෙහි ඉල්ලුම්කරුගේ නම හා ලංසු අයිතමයේ නම සඳහන් කළ යුතු අතර,අනුපිටපතෙහි වම් ඉහළ කෙළවරෙහි අනුපිටපත ලෙසද සටහන්කර තබන්න.එම ලිපි කවර එකම කවරයක බහා එම ලිපි කවරයේද වම්පස ඉහළ කෙළවරේ ලංසු අයිතමයේ නම සඳහන් කර ලංසුපතේ භාර ගන්නා අවසන් දින ……………………………….. පෙ.ව………………. ට පෙර ලැබෙන සේ ,ලේකම්,ප්‍රාදේශීය සභාව,රඹුක්කන යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ කාර්යාලීය ප්‍රසම්පාදන (ලංසු) පෙට්ටියට බහාලීම කළ යතුය.
  3. මීට පෙර සභාව සතු දේපල බදු ගෙන බදු කුලී ගෙවීම