GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න
රඹුක්කන ප්‍රාදේශීය සභාව

2025 වර්ෂයට අදාලව කර්මාන්ත බදු පැනවීම.

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කරන, හා කාර්යය කර්තව්‍යය ඉටු කරන රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ලේකම් වන මම රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2024 ඔක්තොම්බර් මස 23 වැනි දින පවත්වන ලද ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සහයවීමේ කමිටු නිර්දේශ අංක 2024/10/23 තීරණ අංක 21 අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 150(1) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2025 වර්ෂයට අදාළ ව කර්මාන්ත බදු නියම කිරීම පහත සඳහන් ආකාරයට විය යුතු බවට මම තීරණය කරමි. එනම්;
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු 150 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර රඹුක්කන ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළත යම් පරිශ්‍රයක පවත්වා ගෙන යනු ලබන මෙහි පහත උප ලේඛනයෙහි I වන තීරුවේ නිරූපිත සෑම කර්මාන්තයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයෙහි IIතීරුවේ අනුරූප සටහනේ නිරූපිත ප්‍රමාණයක කර්මාන්ත බද්දක් 2025 වර්ෂය සඳහා නියම විය යුතු බවට මම තීරණය කරමි.

1987 අංක 15 දරන  ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු  152 වන උප වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාර එකී පනතේ හෝ ඒ යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීම හෝ එම පනතේ 150 වන වගන්තිය යටතේ යම් බද්දක් ගෙවීම අවශ්‍ය නොවන්නාවූ යම් ව්‍යාපාරයක් එම පනතේ 152 වන වගන්තිය යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත 2025 වර්ෂයේ දී පවත්වා ගෙන යන සෑම තැනැත්තෙකුගෙන් ම එම ව්‍යාපාරයේ 2025 වර්ෂයේ ආදායම මෙහි පහත උප ලේඛනයෙහි I වන තීරුවේ නිරූපිත යම් විෂයාංක සීමාවන් ඇතුළත පවතින අවස්ථාවක එකී II  තීරුවේ අනුරූප සටහනේ නිරූපිත අනු ප්‍රමාණයක ව්‍යාපාර බද්දක් 2025 වර්ෂය සඳහා නියම විය යුතු බවට මම තීරණය කරමි.

උප ලේඛනය

I වන තීරුවII වන තීරුව
කර්මාන්තයපරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම
රු.750/-නො ඉක්මවන අවස්ථාවරු.750/- ඉක්මවන එහෙත් රු.1500/- නො ඉක්මවන අවස්ථාවරු.1500/- ඉක්මවන අවස්ථාව
1.ඉදල් නිෂ්පාදනය500.00750.001000.00
2. ලී කැටයම් කිරීම500.00750.001000.00
3. කුෂන් වැඩ කිරීම500.00750.001000.00
4. හදුන්කූරු නිෂ්පාදනය500.00750.001000.00
5. පොල් ලී වලින් නිෂ්පාදන කටයුතු500.00750.001000.00
6. අභ්‍යාස පොත් නිෂ්පාදනය500.00750.001000.00
7. ආභරණ රන් ආලේපනය කිරීම500.00750.001000.00