
ප්‍රාදේශීය සභා ඉතිහාසය
රඹුක්කන ප්‍රාදේශීය සභාව ආරම්භයේ සිට
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තිය සහ 4 වන වගන්තිය අනුව එවකට පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍යතුමා විසින් පැරණි රඹුක්කන සුළු නගර සභාවත්,පින්නවල ගම් සභාවත් ,පදවිගම්පල ගම් සභාව හා වාකිරිගල ගම් සභාවේ කොටසක් සහ ගලිගමුව ගම් සභාවේ කොටසක් සම්බන්ධ කරගත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වන සියළුම ප්‍රදේශයන් සම්බන්ධ වනසේ ප්‍රාදේශීය සභා නියෝජිත කොට්ඨාශ 19 කින් සමන්විත රඹුක්කන ප්‍රාදේශීය සභාව 1987 වර්ෂයේ මැයි මස 11 වැනි දින සංස්ථාපනය කරන ලදී.
1987 සිට අද දක්වා පත් වූ සභාපතිවරු
| අනු අංකය | නම | සිට | දක්වා |
|---|---|---|---|
| 01 | විශේෂ කොමසාරිස් | 1987 මැයි 11 | 1991 ජුලි 06 |
| 02 | පී.ටී කරුණාරත්න මැතිතුමා | 1991ජුලි 07 | 1993 අගෝස්තු 03 |
| 03 | ජේ.එම් ජයසේන මැතිතුමා | 1993 අගෝස්තු 04 | 1997 ජනවාරි 29 |
| 04 | එස්.ඒ සෝමරත්න මැතිතුමා | 1997අප්‍රේල් 15 | 2002 අප්‍රේල් 08 |
| 05 | පී.පී. ජයසිංහ මැතිතුමා | 2002 අප්‍රේල් 15 | 2006 අප්‍රේල් 14 |
| 06 | ඊ.එම්.ඒ.එන්.බී හදගම මැතිතුමා | 2006 අප්‍රේල් 17 | 2011 ජනවාරි 06 |
| 07 | ඊ.එම්.ඒ.එන්.බී හදගම මැතිතුමා | 2011 අප්‍රේල් 01 | 2015 මැයි 15 |
| 08 | විශේෂ කොමසාරිස්-ඩබ්ලිව්.ඒ විජේසිංහ මහතා | 2015 මැයි 16 | 2016 පෙබරවාරි 04 |
| 09 | විශේෂ කොමසාරිස්-ආර්.එම්.සී.කේ රාජසුන්දර මිය | 2016 පෙබරවාරි 05 | 2018 මාර්තු 28 |
| 10 | ඊ.එම්.ඒ.එන්.බී හදගම මැතිතුමා | 2018 මාර්තු 29 | 2023 මාර්තු 19 |
| 11 | ලේකම් හා බලතල, කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී - ආර්.එම්.පී.රත්නායක | 2023 මාර්තු 20 | 2024 පෙබරවාරි 26 |
| 12 | ලේකම් හා බලතල, කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී - ආර්.ජී.එස්.නිරෝෂන් | 2024 පෙබරවාරි 27 | අද දක්වා |