GOVPAY මගින් ගෙවන්න
අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න

2025 වර්ෂයට අදාලව ප්‍රජාශාලා ගාස්තු හා පුටු වෙන්කිරීම.
ශ්‍රවණාගාර වෙන් කිරීම
රඹුක්කන ප්‍රාදේශීය සභාව සතු ප්‍රජාශාලාවේ ශාලා ගාස්තු හා පුටු, ක්‍රීඩාපිටි වෙන්කිරීම මෙහි පහත දැක්වෙන උපලේඛන අංක 1,2,3 හා 4 හි සඳහන් ගාස්තු ප්‍රමාණයන් 2025 වර්ෂය වෙනුවෙන් පනවා අයකිරීම සඳහා 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.
වැඩි විස්තර සදහා අමතන්න
උප ලේඛනය 1
| රඹුක්කන ප්‍රාදේශීය සභා ප්‍රජාශාලාවේ පුටු බාහිර පාවිච්චිය සඳහා වෙන් කිරීම | දිනකට | ආරක්ෂිත ඇප |
|---|---|---|
| රු.ශත | රු.ශත | |
| යකඩ පුටුවක් සඳහා අය කිරීම | 5.00 | 5.00 |
| කුෂන් පුටුවක් සඳහා අය කිරීම | 10.00 | 7.50 |
| ප්ලාස්ටික් පුටුවක් සඳහා අය කිරීම | 10.00 | 7.50 |
| ප්ලාස්ටික් ප්‍රභූ පුටුවක් සඳහා අය කිරීම | 15.00 | 10.00 |
| ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයට පුටු පරිහරණය සඳහා නිකුත් කිරීමේදී | 10.00 | |
| යකඩ පුටුවක් සඳහා අය කිරීම | 3.00 | |
| කුෂන් පුටුවක් සඳහා අය කිරීම | 5.00 | |
| ප්ලාස්ටික් පුටුවක් සඳහා අය කිරීම | 5.00 | |
| ප්ලාස්ටික් ප්‍රභූ පුටුවක් සඳහා අය කිරීම | 7.50 |
උප ලේඛනය 2
| රඹුක්කන ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රීඩාපිටි සහ භූමිය එක් දිනක් සඳහා වෙන්කිරීම වෙනුවෙන් ගාස්තු අයකිරීම | දිනකට | ආරක්ෂිත ඇප |
|---|---|---|
| රු. ශත | රු. ශත | |
| රඹුක්කන අශෝක මහජන ක්‍රීඩාංගනය සඳහා | 3500.00 | 1000.00 |
| බතඹුරය මහීපාල හේරත් මහජන ක්‍රීඩාංගනය සඳහා | 3500.00 | 1000.00 |
| පාසැල් ළමුන් සඳහා | 2000.00 | |
| සැණකෙළියක් සහ සංගීත ප්‍රසංගයක් සඳහා | 7000.00 | 2000.00 |
| හෙලිකොප්ටරයක් නවතා තැබීම | 5000.00 | |
| මල් පැළ වෙළදාම සඳහා | 2000.00 | 1000.00 |
| වෙනත් | 1000.00 |