GOVPAY මගින් ගෙවන්න

අක්‍රමිකතා හා දූෂණ අවම කිරීම මෙන්ම ජනතාවට වඩාත් පහසුවෙන් රාජ්‍ය ආයතන හා ගනුදෙනු කිරීම පහසු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුකරන ගෙවීම් ඩිජිටල්කරණය සඳහා GOVPAY නම් මෘදුකාංගය ඔස්සේ ඔබගේ ගෙවීම් සිදුකරන්න

2025 වර්ෂයට අදාලව අක්කර බදු පැනවීම.

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කරන, හා කාර්යය කර්තව්‍යය ඉටු කරන රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ලේකම් වන මම රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2024 ඔක්තොම්බර් මස 23 වැනි දින පවත්වන ලද ප්‍රතිපත්ති හා තීරණ ගැනීමට සහයවීමේ කමිටු නිර්දේශ අංක 2024/10/23 තීරණ අංක 21 අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 134(3) වන උප වගන්තියෙහි විධිවිධාන ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2025 වර්ෂයට අදාළ ව අක්කර බදු නියම කිරීම පහත සඳහන් ආකාරයට විය යුතු බවට මම තීරණය කරමි. එනම්;
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ (3) වන උප වගන්තියෙන් ප්‍රාදේශීය සභා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ව රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටියාවූද, ඉහත කී පනතේ 135 වන වගන්තියේ නියමය යටතේ අක්කර බද්දෙන් නිදහස් කර නොමැත්තාවූද, ස්ථීර හෝ නිතිපතා ගොවිතැනක් යටතේ වූ,

(අ) ඉහත කී පනතේ 134 වගන්තිය 3 වැනි උප වගන්තියේ අතුරු ව්‍යවස්ථාව යටතේ පළාත් පාලන විෂයභාර ගරු අමාත්‍යතුමා විසින් රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය විශේෂ ප්‍රදේශයක් වශයෙන් 1989.03.10 වැනි දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ IV(ආ) වැනි කොටසේ ප්‍රකාශයට පත්කර ඇති හෙයින් හෙක්ටයාර් එකකට වැඩි එහෙත් හෙක්ටයාර් පහකට අඩු සෑම ඉඩමක් මත 2025 වර්ෂය සඳහා රුපියල් පනහ (රු.50.00) බැඟින් වන වාර්ෂික අක්කර බද්දක් පනවා අය කිරීම:සහ

(ආ) හෙක්ටයාර් පහක් හෝ ඊට වැඩි වූ සෑම ඉඩමක් වෙනුවෙන් ම, එකී ඉඩමේ සෑම හෙක්ටයාරයක්ම මත 2025 වර්ෂය සදහා රුපියල් දහය (රු.10.00) බැගින් වන වාර්ෂික අක්කර බද්දක් පනවා අය කිරීමටත්,

(ඇ) ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ (6) වන උප වගන්තියේ විධිවිධාන යටතේ එකී වර්ෂයේ මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 යන දින වලට පෙර සමාන වාරික හතරකින් ගෙවීමට යුතු බවට මම තීරණය කරමි.

2025 වර්ෂය සදහා වන සම්පූර්ණ අක්කර බද්ද 2025 වර්ෂයේ ජනවාරි මස 31 වන දිනට පෙර ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ගෙවනු ලැබුවහොත් එම සම්පූර්ණ අක්කර බදු ප්‍රමාණයෙන් සියයට දහය (10%) ක වට්ටමක් ද, එක් එක් කාර්තුවට අදාළ අක්කර බද්ද ඒ එක් එක් කාර්තුවේ ප්‍රථම මාසයේ අවසන් දිනයට මත්තෙන් ප්‍රාදේශීය සභාවට ගෙවනු ලැබුවහොත් සියයට පහ (5%) ක වට්ටමක් ද ගෙවනු ලැබේ.