ජනතා මෙහෙවරට කැපවෙමු හැමවිට

රඹුක්කන ප්‍රාදේශීය සභාව

රඹුක්කන ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. 1991 ජූලි 7 වන දින රඹුක්කන කොට්ඨාශය සහ කුඩා නගර කිහිපයක් ලෙස මෙම සභාව සංස්ථාගත කරන ලදී. අද වන විට මෙම මැතිවරණ කොට්ඨාශය වර්ග කිලෝමීටර 133 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එහි ජනගහනය 93,090 කි.
icons8-surprise-90

දැක්ම

ජනතා මෙහෙවරට කැපවෙමු සැමවිට

icons8-mission-90

මෙහෙවර

පැවරී ඇති බලතල ප්‍රකාරව පවත්නා සම්පත් උපයෝගී කර ගනිමින් කාර්‍යක්ෂමව හා සඵලමත් ලෙස ප්‍රදේශයේ ජනතාව තෘප්තිමත් වන ආකාරයෙන් මහජන සෞඛ්‍ය පොදු මංමාවත් හා උපයෝගීතා සේවාවන් සැපයීම තුළින් තිරසාර සංවර්ධනයක් ඇතිකිරීම සඳහා කටයුතු කිරීම

icons8-responsibility-90

ඔබගේ යුතුකම

ජනතා පුරවැසියන් වන ඔබ ඔබගේ සේවාව ලබා ගැනීමට පැමිණෙන විට, ඔබ විසින් අප වෙත, ලබා දෙන තොරතුරු අප්‍රමාදීවත් , නිවැරදිවත් , සත්‍යවාදීවත් , අපක්ෂපාතීවවත් , නීත්‍යානුකූල ලෙසත් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමු.

වටිනාකම්

  • අවංකභාවය

දෙපාර්ශ්වය අතර මනා අවබෝධයකින් යුක්තවීම තුගින් මනා සේවාවාක් ලබා දීම

  • සාධාරණත්වය

සැමට පොදු වූ ගුණධර්ම මාලාවක් තුළ ක්‍රියාත්මක වීම තුලින් සාධාරණ ලෙස සේවාවන් ඉටුකිරීම

  •  වගවීම

එකිනෙකාට පෞද්ගලිකව හා සාමූහිකව තම ක්‍රියාවන් පිළිබදව බැදීමකින් ක්‍රියාකිරීම දහා ඇපකැප වීම

  • විශ්වාසනීයත්වය

සෑම පාර්ශ්වයන් අතරම අන්‍යෝන්‍ය අවබෝධය ඇතුව කටයුතු කිරීම

  • නීතිකත්වය

නීතිරීති, අනපනත්, චක්‍රලේඛ හා විධිවිධානයන්ට අවනතව කටයුතු කිරීම

  • මනුෂ්‍යත්වය

සියලු දෙනාත් සමගම මානුෂීය හැගීමෙන් කටයුතු කිරීම

  • මධ්‍යස්ථභාවය

සෑම දෙනා හට සමානාත්මතාවයකින් කටයුතු කිරීම

අපගේ ප්‍රධාන අරමුණු

  • රඹුක්කන ප්‍රාදේශීය සභාව වෙත පැවරී ඇති ආයතන ගිණුම් ආදායම් හා සංවර්ධන ඇතුළු සියලුම අංශවල කාර්යයන් සේවාලාභි ප්‍රඥප්තිය ප්‍රකාරව පළාත් පාලන නීති රීති අණපනත් චක්‍රලේඛ වලට යටත්ව නොපමාව ඉටුකිරීම
  • බල ප්‍රදේශයේ මහජනතාව වෙත යහපත් සුවපහසු දිවි පැවැත්මක් උදෙසා පොදු පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඝනඅපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කඩිනම් කිරීම.
  • ප්‍රාදේශීය සභා කාර්යාල ක්‍රමය තුළ තොරතුරු තාක්ෂණය හා පරිගණක මෘදුකාංග භාවිතය ඉහළ නැංවීම
  • යහපාලනය හා වගවීමේ යාන්ත්‍රණය විධිමත් කිරීම
  • මහජන සෞඛ්‍ය හා පොදු උපයෝගීතා සේවා වල ගුණාත්මක බව ඉහළ නැංවීම
  • රඹුක්කන ප්‍රාදේශීය සභාව වෙත අවශ්‍ය නව ආදායම් උත්පාදන මාර්ග හදුනා ගැනීම හා ක්‍රියාත්මක වීම