
රඹුක්කන ප්‍රාදේශීය සභාව
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තිය සහ 4 වන වගන්තිය අනුව එවකට පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍යතුමා විසින් පැරණි රඹුක්කන සුළු නගර සභාවත්,පින්නවල ගම් සභාවත් ,පදවිගම්පල ගම් සභාව හා වාකිරිගල ගම් සභාවේ කොටසක් සහ ගලිගමුව ගම් සභාවේ කොටසක් සම්බන්ධ කරගත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වන සියළුම ප්‍රදේශයන් සම්බන්ධ වනසේ ප්‍රාදේශීය සභා නියෝජිත කොට්ඨාශ 19 කින් සමන්විත රඹුක්කන ප්‍රාදේශීය සභාව 1987 වර්ෂයේ මැයි මස 11 වැනි දින සංස්ථාපනය කරන ලදී.
ලේකම්තුමාගේ පණිවිඩය
වත්මන් රඡයේ ඩිඡිකරණ ප්‍රතිපත්තියට අනුගත වෙමි .
නවීන තාක්ෂණය පෙරදැරි කර ඉදිරියට පා තබන ලොවක් තුළ ජනතා මෙහෙවරට ඇප කැපවෙන වන රඹුක්කන ප්‍රාදේශීය සභාව කඩිනමින් හා කාර්යක්ෂමව විනිවිද භාවයෙන් යුතුව ඔබගේ අවශ්‍යතාවයන් ඉටුකරලීම සඳහා ආරම්භ කළ මෙම වෙබ් අඩවිය ඔබට මහඟු සේවයක් වන බව මාගේ විශ්වාසයයි. ප්‍රජා ආණ්ඩුකරණයේ ඉතා වැදගත් සාධකය වන්නේ සභාවේ කාර්යයන් සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමයි. ඒ සඳහා ජනතාවගේ අදහස් යෝජනා මෙන්ම අප කරන වැඩ ඔවුන් දැනගැනීමද ඉතා වැදගත්වේ. ඒ අරමුණින් යුතුව විශ්ව ගම්මානයේ සැරි සරණ වෙබ් අඩවියක් ලෙස විශිෂ්ට සේවාවක් ඡනතාවට මේ තුළින් සැලසේවායි පතමි.
රඹුක්කන ගැන කෙටියෙන්
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණයකින් සමන්විත වන්නේ රඹුක්කන ප්‍රාදේශීය සභාවය.
ගම්සභා කීපයක් සහ සුළු නගර සභාව ඒකාබද්ධ කරමින් 1984 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව 1991. දින රඹුක්කන ප්‍රාදේශයේ සභාව සංස්ථාපනය කරන ලදී. මෙහිදී ප්‍රථම සභාපති ධූරය හෙබ වූයේ පී ටී කරුණාරත්න මැතිතුමා විසින්ය. එවක සිට ගරු සභාපතිවරුන් හයදෙනෙක් යටතේ මෙම සභාව පාලනය විය .මෙහි දැනට නිත්‍ය කාර්යය මණ්ඩලය 118 කින් යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. අද වන විට රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළින් නිත්‍ය ජනගහනය 93840 වන අතර. වර්ග කිලෝමීටර් 128.8 ක විශාලත්වයකින් යුතු වන අතරින් දෛනිකව සංසරණය වන ජනගහනය 10000 පමණ වේ.
මාර්ග ගත ගෙවීම
මාර්ග ගත ක්‍රමයට සහ කාර්යාලයට පැමිණ බැංකු කාඩ්පත් මගින් හෝ ණය කාඩ්පත් මගින් ගෙවීමට පහසුකම් සපයා ඇත.

රඹුක්කන ප්‍රාදේශීය සභාව
අපගේ සේවාවන්
රඹුක්කන ප්‍රාදේශීය සභා තොරතුරු එක් රැස් කිරීමේ අංශය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු
රඹුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති ගැටළු සබැදිව තොරතුරු සොයා බලා එම ගැටළු වලට සුදුසු සහ කාර්‍යයක්ෂම පිලිතුරු ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම සබැදිය සකස් කර ඇති අතර, මේ සදහා සත්‍ය සහ නිවැරදි තොරතුරු පමණක් ඇතුලත් කිරීමට කාරුණික වන්න.




CONTACT US
රඹුක්කන ප්‍රාදේශීය සභාව
We are open 5 days of the week, excluding public holidays.
සඳුදා – සිකුරාදා
8 am – 4.15 pm
සෙනසුරාදා හා ඉරිදා
වැඩ කරන දිනයන් නොවේ